වෙරළ පිරිසිදු කරන වැඩේටත් සාගල බහියි !

වෙරළ පිරිසිදු කරන වැඩේටත් සාගල බහියි !

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් අපවිත්‍ර වූ වෙරළ කලාපය පවිත්‍ර කිරීමට රැගෙනවිත් මේ වන විට පරිහරණයෙන් තොරවී ඇති යන්ත්‍රෝපකරණ නැවත භාවිතාකර දිවයින වටා සංචාරක වෙරළ තීර පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් අද (12) උදෑසන මට්ටක්කුලිය, කාක දූපත් වෙරළ තීරයේ දී නිල වශයෙන් ආරම්භ කෙරිණි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලිස් පරිසර ඒකකය, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම තුඩාව බ්‍රදර්ස් පුද්ගලික සමාගම ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ සාගල රත්නායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණයට ලක්ව ඇත්තේ සුන්දර වෙරළ තීරය, පරිසරය සහ සංස්කෘතික උරුමයන් නිසා බවයි.

එබැවින් වෙරළ තීරය රැක ගනිමින් සංචාරක කර්මාන්තය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම මෙන්ම මතු පරපුර වෙනුවෙන් පරිසරය රැක දීම සියලුදෙනාගේ වගකීමක් බව ඒ මහතා අවධාරණය කළේය.

මෙම වෙරළ සංරක්ෂණ වැඩසටහන තිරසර ලෙස, දීප ව්‍යාප්තව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කළ සාගල රත්නායක මහතා ඒ වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානවල සහ සම්පත් දායකයන්ගේ සහාය ලබා ගැනීමට ද අපේක්ෂා කරන බව කියා සිටියේය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල බී. රැකව, Clean Ocean Force සංවිධානයේ සභාපති ජෙරොම් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.{gallery}sagala_r{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න