ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩ වර්ජනය සඳහා සහාය නොදෙන බව ලංකා බැංකු සේවක සංගමය පවසා ඇත.
ඒ අනුව අඛණ්ඩ වැඩ වර්ජන හෝ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග මේ මොහොතේ ක්‍රියාත්මක කිරීමට සැලසුමක් නැති බව එහි ලේකම් ධනංජය සිරිවර්ධන සඳහන් කරයි.
රජය මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් ජාත්‍යන්තර ආයතන සමඟ ආර්ථික වැඩපිළිවෙළක සිටින නිසා ඊට බාධා වන ආකාරයේ කටයුතුවලට එක් නොවන බවද ඔහු පවසයි.
මෙරට ආර්ථිකයේ ප්‍රධානම මර්මස්ථාන යක් ලෙස සැලකෙන ලංකා බැංකුව මේ මොහොතේ තවදුරටත් රටේ ආර්ථිකයට අගතිදායක කිරීමට දායක නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
