ඡන්දෙ ට මුදල් දීම බරපතළ ගැටලුවක් - මුදල් අමාත්‍යාංශය

ඡන්දෙ ට මුදල් දීම බරපතළ ගැටලුවක් - මුදල් අමාත්‍යාංශය

පවතින ආර්ථික දුෂ්කරතා යටතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ලබාදීම අසීරු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.

ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් අද (17) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා සිදුකළ සාකච්ඡාවේදිය.

රජයේ වියදම් සීමා කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව රටේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන් කිරීමට සිදුව ඇති බව ඔවුන් කොමිසමට දැනුම්දී ඇත.

ඔවුන් වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ, වෙනත් අත්‍යවශ්‍ය නොවන වියදම් සඳහා රටේ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතු බවට ද තවත් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.

මෙවැනි වතාවරණයක් තුළ මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට බාධාවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අද මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න