ලාංකික කතුන්ට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා.....

ලාංකික කතුන්ට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා.....

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා 2000 ක් මේ වසරේදී ලබාදීමටත් එහිදී සාත්තු සේවිකාවන්ට ප්‍රමුඛතාව ලබාදීමටත් ඊශ්‍රායල බලධාරීන් එකඟවූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර  පැවසීය.

ඊශ්‍රායලයේ සංස්කෘතියට අනුව රෝගී සත්කාර සඳහා කාන්තාවන්ට වැඩි අවස්ථාවක් පවතින බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී සාත්තු සේවක පුහුණුවේදී කාන්තාවට වැඩි අවස්ථාවක් දෙන ලෙස ඊශ්‍රායලය ඉල්ලා සිටි බවත් අමාත්‍යා වරයා කීය.

ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ අධ්‍යක්‍ෂ ශිලි රයිසින් සැසොන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව අමාත්‍යවරයා එසේ පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න