උතුරේ පවුල් 197කට ඉඩම් ඔප්පු

උතුරේ පවුල් 197කට ඉඩම් ඔප්පු

උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (11) සිදු කෙරිණි.

සිවිල් යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති උතුරේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා ඇති වැඩසටහන යටතේ මෙම ඉඩම් නිදහස් කිරිම සිදු කර තිබේ.

සංකේතාත්මකව කිහිප දෙනකු වෙත ඉඩම් ඔප්පු සහ චෙක් පත් ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

වසර 33ක කාලයක් අවතැන්ව සිටි මෙම පිරිස් තම ඉඩම් නිදහස් කර දීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ස්තුතිය පුද කළහ. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ,ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම්. ඉලංගෝවන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේශ්වරන් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.{gallery}land deed{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න