ගල් අගුරු නෞකාව හයකට සියයට 30 ක අත්තිකාරම් මුදල් ගෙවූවද ඉදිරියේදි ගෙන්වීමට ඇති නෞකාවලට අත්තිකාරම් මුදල් නොගෙවුවහොත් විදුලිය නිෂ්පාදනයට බලපෑම් එල්ල විය හැකි බව ලංකා ගල් අගුරු සමාගම පවසයි.
එහි සභාපති ෂෙහාන් සුමනසේකර පැවසුවේ ඉදිරියේදී තවත් ගල් අගුරු නෞකා 16 ක් ගෙන්විය යුතු බවයි.'
ඉදිරි දිනවල පැමිණීමට නියමිත නෞකා තුනද දිවයිනට පැමිණීමෙන් අනතුරුව ලබන මාසය දක්වා අවශ්‍ය ගල් අගුරු තොග රට තුළ පවතින බවද ඔහු කියා සිටියේය.
ඒ අනුව විදුලිය නිෂ්පාදනය කිරීමට විදුලි බලාගාර සඳහා අවශ්‍ය ගල් අගුරු මිලදී ගැනීම සදහා මුදල් ලබා දෙන ලෙස ගල් අගුරු සමාගමේ සභාපතිවරයා විසින් පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබිණ.
ඒ සදහා අමෙරිකානු ඩොලර් බිලියන 12.32 ක් හෙවත් රුපියල් බිලියන 4.56ක් අවශ්‍ය බව ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් එන් සුමනසේකර ලිපියක් මගින් දැනුම්දී තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
