තුර්කිය සහය ඉල්ලන ඕනෑම අවස්ථාවක හමුදා කණ්ඩායමක් පිටත් කර හැරීමට සූදානම් බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසයි.
තුර්කියේ සහන සේවා සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300කගෙන් සමන්විත පිරිසක් පිටත්ව යාමට සූදානම් බව යුද හමුදාව පවසයි.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මේ බව පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවය.
මෙම පිරිස යුද හමුදාවේ වෛද්‍ය නිලධාරීන් සහ ඉංජිනේරු බලකායේ නිලධාරීන්ගෙන් සමන්විතය.
මේජර් ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් දිවයිනෙන් පිටව යාමට නියමිත මෙම කණ්ඩායමට බ්‍රිගේඩියර්වරයෙකුද අනුයුක්ත බව යුද හමුදාව වැඩිදුරටත් පවසයි.
තුර්කි තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක් සිදුකරන ඕනෑම අවස්ථාවක දිවයිනෙන් පිටව යාමට එම කණ්ඩායම සූදානම් බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
