නිදහස් දිනය කළු දිනයක් - TNA

නිදහස් දිනය කළු දිනයක් - TNA

දෙමළ ජාතික සන්ධානය හා උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් සංවිධාන 75 වන ජාතික නිදහස් උළෙල දිනය කලූ කොඩි දිනයක් වශයෙන් සැමරීමටත් තීරණය කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් පවසයි.

දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පැවසිය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තවදුරටත් අදහස් දැක්වු සුමන්තිරන් මෙසේ පැවසිය.

"නිදහස ලැබුණ විගසම ප්‍රජාතන්ත්‍රවාදය කියන මුවාවෙන් බහුතරවාදයක් වෙලා ඒක පරිවර්තනය වුණා. ඒ නිසා මේ රටේ ජීවත්වන අනිත් ජන කොටස්වලට නිදහසක් ලැබුණේ නෑ. සිංහල බෞද්ධ ජනතාව තමන්ට නිදහස ලැබුණා කියලා, හිතාගෙන හිටියා. ඒ වුණත් ඒ අයටත් දැනෙනවා තමන්ටත් නිදහස ලැබුණේ නෑ කියලා. ඒ නිසා තමයි මේ 75 වන නිදහස් දිනය කියලා පෙබරවාරි 4 වෙනිදා ජනාධිපතිතුමා ඒක සමරන වෙලාවේදී මේ රටේ ජීවත්වන කාටත් ඒ නිදහස ලැබුණේ නෑ කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසාම අපි මේක සමරන වෙලාවේ මේක කළු දිනයක් කියලා ප්‍රකාශ කරලා, රටට හරියාකාරව නිදහස ලැබෙන්නට අපි ව්‍යාපාරයක් පටන් ගන්නවා."

දෙමල ජාතික සන්ධානය එසේ නිදහස් දිනය වර්ජනය කරද්දී දකුණේ විපක්ෂ කණ්ඩායම් කිහිපයක් ද පෙබරවාරි 4 දිනය 'කළු දිනයක්' ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න