ලංකාවට මූල්‍ය සහතිකයක් දෙන්න බ්‍රිතාන්‍ය සූදානම් !

ලංකාවට මූල්‍ය සහතිකයක් දෙන්න බ්‍රිතාන්‍ය සූදානම් !

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය සහතික අවශ්‍ය කාලයේදී ලබා දීම සඳහා සලකා බැලීමට පැරිස් සමාජයේ සාමාජිකයකු ලෙස එක්සත් රාජධානිය සුදානමින් සිටින බව එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා අමාත්‍ය ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය පසුගිය 24 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

ණය ප්‍රතිව්‍යුහ ගත කරන සාකච්ඡාවේදී පැරිස් සමාජයේ සාමාජිකයන් සහ අනෙක් ණය හිමියන් සම්බන්ධීකරණය කිරීම සඳහා යෝජිත වේදිකාවට එක්සත් රාජධානිය සම්පූර්ණ සහාය දක්වන බවත් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත ඇති කිරීම සඳහා එය වඩාත් කාර්යක්ෂම ක්‍රමය බව එක්සත් රාජධානිය විශ්වාස කරන බවත් එහිදී ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය පවසා තිබේ.

ශ්‍රී ලංකාවට තිරසර ආර්ථික වර්ධන මාවතකට පැමිණීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් ලබා ගැනීමටත් ණය හිමියන් සියලු දෙනා අතර ඵලදායි සාකච්ඡාවක් ඇති විය යුතු බව ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය ප්‍රකාශ කර ඇත .

ආර්ථික විද්‍යාඥයන් සහ විද්වතුන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බර ණය හිමියන් දරා ගත යුතු යැයි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොන්සර්වටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බොබ් බ්ලැක්මන් නගා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය මේ බව පවසා තිබේ.

-lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න