අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළදී විදුලි කප්පාදුවක් සිදු නොකරන්නේ යයි අදාළ බලධාරීන් දැනුම් දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම කාලය තුළ විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටි ඇති බවත් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විදුලි කප්පාදු අත්හිටුවා ඇති බව එම දෙපාර්තමේන්තුව කියයි.
අපොස උසස් පෙළ විභාගය (2022) මෙම මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
