ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 124 වන ජන්ම දින සැමරුම අදට (08) යෙදී ඇත.
ඒ වෙනුවෙන් අද පෙරවරුවේ සැමරුම් උත්සව දෙකක් පැවැත්වීම විශේෂත්වයක් විය.
එක් සමරු උත්සවයක් ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවැත්වුණු අතර ඒ පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.
අනෙක් සමරු උත්සවය ගාලු මුවදොර පිහිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක පිළිරුව අභියසදී පැවැත්වුණි.
ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක යන බණ්ඩාරනායක දියණියන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද අමරවීර මෙන්ම දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, මහාචාර්ය ජී.එල්. පීරිස්, කුමාර වෙල්ගම, චන්දිම වීරක්කොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගී වුහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
