සිංහල දමිල අලුත් අවුරුදු සමයේ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නිර්මාණය කිරීමේ උත්සහයක නිරත වී තිබේ.
ඒ වෙනුවෙන් ඔවුන් දිගින් මීටර් 111කින් සමන්විත සහ කිලෝ ග්‍රෑම් 380ක බරින් යුක්ත කේක් ගෙඩියක් නිර්මාණය කර තිබු අතර එය කපා සැමරීම සඳහා ඒ වන විටත් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ආරාධනා කර තිබිණ.
ජායාරූපයේ දැක්වෙන්නේ එම ආරාධනාව පිළිගත් අග්‍රාමාත්‍යවරයා කඩුවක් ආධාරයෙන් කේක් ගෙඩිය කපනු ලැබූ අවස්ථාවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
