එජාපයේ දේශපාලන උපක්‍රමයක් ගැන මනෝගෙන් අනාවරණයක්

එජාපයේ දේශපාලන උපක්‍රමයක් ගැන මනෝගෙන් අනාවරණයක්

බලගතු දෙමළ දේශපාලන නායකයින් වගේම පක්ෂවලට ස්වාධීනව ඉදිරියට පැමිණීම ගැන එක්සත් ජාතික පක්ෂය සැලකිලිමත්ව සිටින බවත් එසේම දෙමළ දේශපාලන පක්ෂ ඉදිරියට පැමිණිම වැළැක්වීමට එක්සත් ජාතික පක්ෂය සූක්ෂමව කටයුතු කරන බවත් ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරයි.

යාපනයේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත.

තවද එක්සත් ජාතික පක්ෂය එසේ ක්‍රියා කරන්නේ ශක්තිමත් දෙමල දේශපාලන තම පක්ෂයට සහය දැක්විය යුතුය යන ස්ථාවරයේ සිට බවත් එය එම පක්ෂය භාවිතා කරන දේශපාලන උපක්‍රමයක් බවත් අමාත්‍යවරයා පෙන්වාදී ඇත.

දෙමළ ජනතාවගේ අනාගතය වෙනුවෙන් ආර් සම්බන්ධන් වගේම විග්නේෂ්වරන් එක්ව සාකච්ඡා කළ යුතුව තිබෙන බවද අවධාරණය කර ඇති අමාත්‍යවරයා පවතින පසුබිමේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස දෙමළ භාෂාව පාලන භාෂාවක් බවට පත් කර ගන්න යනුවෙන් වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒමට තමන් අපේක්ෂා කරන බවත් සඳහන් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න