විදුලිය ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ යෝජනාව සලකා බැලීම කැබිනට් මණ්ඩලය විසින් ලබන සතිය දක්වා කල් දමා ඇති බව වාර්තා වෙයි .
ඒ අදාළ යෝජනාව අද (02) පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් ඉදිරිපත් කළ අවස්ථාවේ ය.
මේ අතර විදුලි බල මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් තර්ජනය කර සිටියේ විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ යෝජනාව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළහොත් හෙට සිට නැවත දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවය.
විදුලි ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කළ හොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති මේ වන විට සාකච්ඡා කර ඇති බවත් ඔහු මාධ්‍ය වෙත සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
