පළාත් පාලන මැතිවරණය පිළිබඳ නිල ප්‍රකාශය ජනවාරි මස 5 වැනිදා නිකුත් වීමට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
යෝජිත දින වකවානු අනුව එම නිල ප්‍රකාශය මැතිවරණ කොමිසම විසින් ජනවාරි මස 9 වැනිදාට පෙර නිකුත් කළ යුතුය.
මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා මෙයට පෙර ප්‍රකාශ කළේ ඉදිරි සතියේ ස්ථිර වශයෙන්ම මැතිවරණය පිළිබඳව ප්‍රථම නිල නිවේදනය නිකුත් කරන බවය.
ඒ අතරතුර පළාත් පාලන මැතිවරණය සංවිධානයට අවශ්‍ය සෙසු මූලික කටයුතු සිදුකෙරෙමින් පවතී. මේ වන විටත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරයන් කැඳවා මැතිවරණයේ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇති අතර නාමයෝජනාවලින් පසුව මැතිවරණයට තරග කරන පක්ෂ නියෝජිතයන් කැඳවා සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අපේක්ෂා කරන බවද වාර්තා වෙයි.
- deshaya
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
