ශ්‍රීලනිප පිංකම සිරිසේන වර්ජනය කරලා !

ශ්‍රීලනිප පිංකම සිරිසේන වර්ජනය කරලා !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක සිහිකරමින් එම පක්ෂය වාර්ෂිකව පවත්වන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣානය ඊයේ (31) රාත්‍රියේ කතරගම පූජා භූමියේදී පැවැත්විණි.

මෙවර එහි සංවිධාන කටයුතු සිදුකර තිබුණේ ඉකුත්දා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තනතුරුවලින් ඉවත් කරනු ලැබූ අමාත්‍ය මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් විසිනි.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු නායකයින් මෙම පිංකමට සහභාගි වී නොමැත.

කෙසේ වෙතත් පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු වන පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම පිංකමට එක්ව සිටීම විශේෂත්වයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න