වතුකරය ඇගයීමට කැබිනට් අනුමැතිය !

වතුකරය ඇගයීමට කැබිනට් අනුමැතිය !

වසර දෙසීයක පමණ කාලයක සිට උඩරට දෙමළ ජනතාවගෙන් ශ්‍රී ලාංකීය ආර්ථිකයට ලැබෙන දායකත්වය අගයා උත්සව මාලාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වතුකරයේ ආදායමෙන් තුනෙන් එකකට වඩා දායකත්වය ලබා දෙන කඳුරට දෙමළ ප්‍රජාවේ ප්‍රථම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ වසර දෙසීයක් සපිරීම නිමිත්තෙන් 2023 පෙබරවාරි මස මෙම වැඩසටහන් මාලාව පැවැත්වීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීමට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

මීට වසර දෙසීයකට පෙර ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ උඩරට දෙමළ ජනතාවගේ සේවය ඇගයීම මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කිරීමට අපේක්ෂා කරයි.

150,000 කට අධික උඩරට දෙමළ වතු කම්කරුවන් පිරිසක් ප්‍රධාන වශයෙන් මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත් ආශ්‍රිතව පදිංචිව සිටින අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම සංස්කෘතියට ද ඔවුන්ගෙන් සැළකිය යුතු දායකත්වයක් හිමිවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න