ආණ්ඩුවෙන් ගිය 16 ගැන ඇත්ත කියන්න අමරවීර සුදානම්

ආණ්ඩුවෙන් ගිය 16 ගැන ඇත්ත කියන්න අමරවීර සුදානම්

ජාතික ආණ්ඩුව දිගටම පත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බැවින් ශ්‍රීලනිප නායකයා ලෙස ජනාධිපතිවරයා සමඟ කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ තංගල්ල - නෙටොල්පිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්ය.

ඒ අනුව ජාතික ආණ්ඩුව ඉදිරියට පත්වාගෙන යාම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් එම කමිටු නිර්දේශ මත ඉදිරියේදී වඩාත් ජනතාවාදී ස්ථාවර ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට හැකි බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එසේම අමාත්‍යධුර අත්නොහරින ලෙස ජනාධිපතිවරයා දන්වා සිටි බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර සිටියේය.

කෙසේ වුවත් මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්ව ගිය ශ්‍රීලනිප 16 කණ්ඩායම තමන් ඇතුළු ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට සහය පළකරන පාර්ශවයන් සම්බන්ධව විවිධ කතා පතුරවන බවත් එම ප්‍රකාශ අසන දකින විට තමන් මෙච්චර කාලයක් සිට ඇත්තේ මෙවැනි මිනිසුන් සමඟදැයි කණගාටුවක් ඇතිවෙන බවද ඔහු සඳහන් කර සිටියේය.

තවද අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දුන් පාර්ශවයේ සත්‍ය තමන් දන්නා බවත් අදාළ ක්‍රියාවලිය තුළ සිටි තමන් ඒ පිළිබඳ සත්‍ය කතාව ඉදිරියේදී සජීවී දේශපාලන වැඩසටහනකදී අනාවරණය කරන්නට අදහස් කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

අපේ ආත්ම ගෞරවය ගැන හිතන්න - චන්දිම

මේ අතර ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුව පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කර සිටින්නේ අදාළ කමිටුව කටයුතු කිරීමේදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය භාවිතා කළ තම කණ්ඩායමේ ආත්ම ගෞරවය පිළිබඳ පක්ෂය සැලකිලිමත් වියයුතු බවය.

ආත්ම ගෞරවය ගැන හිතන්න කළින් හදවතක් තියනවාද බලන්න - ශ්‍රීලනිප

මේ සම්බන්ධව සිදුකල විමසුමකදී ශ්‍රීලනිප ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ ආණ්ඩුවේ වසර තුනක් සිට පක්ෂය කිසියම් දුෂ්කරතාවකට පත්වූ අවස්ථාවේ අවස්ථාවාදී ලෙස පක්ෂය බෙදීමට කටයුතු කරන කල්ලියේ පාර්ශවයට යන අතරමග ආත්ම ගෞරවය සිහිපත්වීම දෛවයේ සරදමක් බවය.

මේ මොහොතේ ආත්ම ගෞරවය ගැන සිතන සහ පක්ෂය ගැන හිතන සියළු දෙනා ජනාධිපතිවරයා සමඟ ඔහුට ශක්තියක් දෙමින් ආණ්ඩුවේ සිටින බවත් ඒ හැර යන උදවිය තම ආත්ම ගෞරවය ගැන නොව වසර තුනක් ඇමති පුටු රත්කර සියළු සැප විහරණ ලබා පක්ෂය කිසියම් පසුබෑමකට ලක්වූ විට එයින් පලායන්න සැළසුම් කළ තැන හෘදය කියා දෙයක් ඇත්දැයි පරීක්ෂා කරගත යුතු බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න