චොහොර කුරුල්ලන් ඉගිල ගියා..ආසිරි මල් වැහි වහීනවා.. - නලින් බණ්ඩාර

චොහොර කුරුල්ලන් ඉගිල ගියා..ආසිරි මල් වැහි වහීනවා.. - නලින් බණ්ඩාර

අත්තෙන් අත්තට පැන පැන සිටි චොහොර කුරුල්ලන් 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමේ සතුට සොබා දහම පවා භුක්ති විඳින බවත් රට පුරා ආසිරි වැසි වස්සවමින් දන්වන්නේ ඒ බව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන අතර මහ වැස්සෙන් කුණු සේදී යන ලෙසම ආණ්ඩුවට පිළිලයක් වු 16 දෙනකු ධුරින්භුත වීම නිසා ආණ්ඩුවේ කුණු සේදී ගිය බවද සඳහන් කර ඇත.

ආණ්ඩුවට සිය කටයුතු නිසිලෙස කරගෙන යාමට ඉඩනොදී දැඩි බාධා පමුණුවමින් පිළිකා සෛල ලෙස ක්‍රියාකළ කළ එම පිරිස ආණ්ඩුවෙන් ඉවත්ව යාම ආශීර්වාදයක් බවත් ඒ අනුව මෙතැන් සිට අලුත් ජවයකින් නැගිට ඉදිරියට යන්නට ආණ්ඩුවට හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

විශේෂයෙන් ආණ්ඩුවේ සංවර්ධන කටයුතු හමුවේ මෙන්ම ජාතික සංහිඳියාව සහ පසුගිය ආණ්ඩුවේ මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධව කටයුතු කිරීමේදී ඔවුන් දැඩි බාධා කිරීම් සිදුකළ බවත් ආණ්ඩුවේ සිට ආණ්ඩුවට විනකෙටු ඔවුන් සම්මුති ආණ්ඩුවේ සාමජිකයන්වීම නිසාම ඔවුන්ට එරෙහිව කිසිවක් කිරීමට නොහැකිවූ බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත. එසේම පසුගිය මැතිවරණයේදී ආණ්ඩුවේ පසුබෑමට මුලික වුයේද මේ පිරිස් වල වූ දෙබිඩි කල්ක්‍රියාව බවද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර තිබෙන බව වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න