මහ කන්නය සඳහා වී ගොවීන්ට රුපියල් 20,000ක දීමනාවක් !

මහ කන්නය සඳහා වී ගොවීන්ට රුපියල් 20,000ක දීමනාවක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රදානයකින් මෙවර මහ කන්නයේ වී වගා කරන ගොවීන් සඳහා රුපියල් 20,000ක උපරිමයකට යටත්ව නැවත අය කර නොගන්නා මූල්‍ය ආධාරයක් ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

ඒ යටතේ උපරිමය හෙක්ටයාර් එකක් හෝ ඊට අඩු ප්‍රමාණයක ගොවිතැන් කටයුතුවල නිරත කුඩා පරිමාණ වී ගොවීන් සඳහා රුපියල් 10,000ක් ද, හෙක්ටයාර් එකකට වැඩි ප්‍රමාණයක වී වගාකරන ගොවීන් සඳහා රුපියල් 20,000ක් ද වන පරිදි මෙම දීමනාව ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

වී වගා කරන ගොවීන් සඳහා පමණක් මෙම මූල්‍ය ආධාරය ලබා දෙන අතර, ඔවුන්ගේ ගිණුම්වලට සෘජුවම මුදල් බැර කෙරෙනු ඇත.

මෙවර මහ කන්නයේ දී වගා කිරීමට නියමිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක් වන අතර සියලු වී ගොවීන්ට බන්ඩි පොහොර හෙවත් MOP මිලදී ගැනීම සඳහා මෙම දීමනාව ලබා දීමට සැලසුම් කර තිබේ.

මේ සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් බිලියන 08ක් වන අතර ගොවි පවුල් ලක්ෂ 12කට මෙම ප්‍රතිලාභය හිමි වන බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

කෘෂිකර්ම ආමාත්‍ය මහින්ද අමරවීර විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉදිරියේ දී මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනුම් දීම සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය
පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න