අගරදගුරු ධුරයෙන් විශ්‍රාම යන්නේ නැතිලු !

අගරදගුරු ධුරයෙන් විශ්‍රාම යන්නේ නැතිලු !

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ධුරයෙන් විශ්‍රාම යාමට තීරණයක් ගෙන නැතැයි කොළඹ රදගුරු මැදුර කියා සිටියි.

මැල්කම් රංජිත් කාදිනල්තුමාට වසර 75ක් පිරීම සම්බන්ධයෙන් පාප් වහන්සේට දැනුම් දීම කතෝලික සභාවේ සම්ප්‍රදායක් බවද අගරදගුරු මැදුර නිවේදනය කරයි.

ඇතැම් පිරිස් මේ පිළිබඳව වැරදි ආකල්පයක් ඇති කර ගෙන ඇතැයිද පවසන අගරදගුරු මැදුර එතුමන් විශ්‍රාම යැවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ පාප් වහන්සේ බවද කියා සිටී.

මේ අනුව කාදිනල්තුමන් අගරදගුරු ධුරයෙන් විශ්‍රාම යෑමට අදහස් කර ඇති බවට පළ වන පුවත් අසත්‍ය බවද එම නිවේදනය තවදුරටත් සඳහන් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න