ජනාධිපති කාර්යාලය තුළ අගමැතිට එරෙහි මඩ මෙහෙයුමක් !

ජනාධිපති කාර්යාලය තුළ අගමැතිට එරෙහි මඩ මෙහෙයුමක් !

අගමැතිවරයා හා ඔහුට සමීප අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට එරෙහිව විශේෂ සමාජ මාධ්‍ය මෙහෙයුමක් ජනාධිපති කාර්යාලය තුල ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණ හා සංවර්ධන නිලධාරීයකු (Senior Technology & Development Officer) විසින් ජනාධිපති මාධ්‍ය අංශය අවභාවිතා කර වෙබ් අඩවි කිහිපයක් හරහා මෙම මඩ ව්‍යාපාරය මෙහෙයවන බවට වාර්තාවී ඇතැයි එම ඇමතිවරයා පැවසිය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුමක් ඇති කරලීමට සැලසුම් සහගත කුමන්ත්‍රණයක දී සිටින මෙම නිලධාරියා පිලිබදව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට මේවනවිටත් පියවර ගෙන ඇත.

මාධ්‍ය සදාචාරය සහ මුලධර්ම ආරක්ෂා කරමින් මාධ්‍ය හසුරුවන ලෙස ජනාධිපතිවරයා රටේ මාධ්‍ය ආයතනවලින් ඉල්ලීම් කර ඇති මොහොතක තම මාධ්‍ය අංශයේ සේවය කරන පුද්ගලයින් ජනාධිපති කාර්යාලය තුල මාධ්‍ය ගණිකා සේවයේ නිරතකරවීම සම්බන්ධයෙන් ගන්නා පියවර පිලිබදව විමසිලිමත්ව සිටින බව අප වෙත තොරතුරු ලබාදුන් ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න