භාණ්ඩ වර්ග 10 ක අපනයන සීමා ඉවතට !

භාණ්ඩ වර්ග 10 ක අපනයන සීමා ඉවතට !

සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිජනක පාන, ආවේෂන කැමරා පද්ධති (CCTV) සඳහා අවශ්‍ය උපකරණ, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තුනී ලෑලි (MDF) සහ ක්‍රීඩා උපකරණ ඊට අයත් බවයි. ආනයන සීමා ලිහිල් කළ තුන් වැනි අවස්ථාව මෙය බවත් අමාත්‍යවරයා පවසයි.

“රට මුහුණ දී ඇති විනිමය ගැටලුවට විසඳුම් ලෙස ආනයන වියදම් සීමා කිරීමට රජය පියවර ගත්තා. 2020 වසරේ දී ආනයන වියදම දැක්වුණේ රුපියල් මිලියන 16055ක් ලෙසයි. එය 2021 වසරේ දී එය ඩොලර් මිලියන 20637ක් ලෙස දැක් වුණා."

2022 අගෝස්තු 23 වැනි දා භාණ්ඩ 1465ක ආනයනය සීමා කිරීමට රජය තීරණය කළා. ඒ අනුව ආනයන සීමා පැනවූ දා සිට නොවැම්බර් මස 23 දා දක්වා ගත වූ මාස තුනක කාලය තුළ ඉතිරි කර ගත හැකිව තිබෙන ඩොලර් ප්‍රමාණය මිලියන 1211ක්. මේ මුදල අපි සංසන්ධනාත්මකව සලකා බලමු. අපි 2021 වසරේ ආහාර පාන ආයනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1666.5ක් වැය කරල තියෙනවා. ඖෂධ වෙනුවෙන් ඩොලර් මිලියන 882.5ක් වැය කළා. දිගු තෙල් පෝලිම්වල ඉන්න කාලෙ අපි ඉන්ධන වෙනුවෙන් වැය කළ මුදල ඩොලර් මිලියන 3742.9ක්. පොහොර වෙනුවෙන් ඩොලර් මිලියන 158.2ක් වෙන් කරල තියෙනවා” යයිද අමාත්‍යවරයා සඳහන් කරයි.

වාණිජ මණ්ඩලය, කර්මාන්ත අංශයේ ව්‍යවසායකයන්, ආයෝජන මණ්ඩලය ඇතුළු පාර්ශ්වවල ඉල්ලීම් මත භාණ්ඩ ආනයනය සීමා කළ දා සිට මේ දක්වා කාලය තුළ අවස්ථා තුනක දී සීමා ලිහිල් කිරීමට රජය තීරණය කළේ ය. ඒ අනුව සැප්තැම්බර් 9 දින භාණ්ඩ 708ක, නොවැම්බර් මස 23 දින භාණ්ඩ 77ක සහ දෙසැම්බර් මස 19 දින භාණ්ඩ වර්ග 10ක සීමා ඉවත් කෙරිණි. මෙලෙස ආනයන සීමා ලිහිල් කරන භාණ්ඩ ආනයනය පිළිබඳව විධිමත් පසු විපරමක් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න