ජන්දය ගැන එජාප ස්ථාවරය එළියට !

ජන්දය ගැන එජාප ස්ථාවරය එළියට !

පෙබරවාරි මාසය වන විට ලංකාවෙි මූල්‍ය තත්ත්වය මීට වඩා යහපත් විය හැකි බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

ඡන්දය යනු රටේ ජනතාවගේ ස්වර්ණමය අයිතිය බැවින් ඡන්දය නිසි කලට වේලාවට පවත්වන බවත් රටට අවශ්‍ය වී තිබෙන්නේ වෘත්තීයමය දේශපාලනඥයෙක් මෙන්ම රටට ආදරය කරන අර්බුද කළමනාකරණය කළ හැකි නායකයෙක් බවත් සඳහන් කර සිටියි.

නවීන් දිසානායක මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

සමස්ත චිත්‍රය දෙස බලන්නේ නැතිව එක කෝණයකින් බලා නිගමනයකට නොඑන ලෙසත් සියලුම පාර්ශ්වයන් එකතු වී රට ඉදිරියට ගෙනයෑමේ වගකීම එක්සත් ජාතික පක්ෂයට තිබෙන බවත් ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂය මීට පෙරත් සන්ධානගත වෙලා ඉදිරිපත් වුණු පක්ෂයක් බවද ඒ කාරණය පක්ෂයට වගේම තමාටත් වෙනසක් නැතිබවද නවීන් දිසානායක  කීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න