විපක්ෂ නායක ආර්. සම්පන්දන් : ජනපති නිවසේ අවුරුදු සමරයි

විපක්ෂ නායක ආර්. සම්පන්දන් : ජනපති නිවසේ අවුරුදු සමරයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මෙවර අලුත් අවුරුද්ද සඳහා කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට පැමිණ සිටියේය.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පවුලේ සැමත් ජනාධිපතිවරයාගේ හිතවතුන් සහ දේශපාලන පක්ෂ සාමාජිකයන් සමඟ සුබ නැකතට ලිප ගිනි මොළවා අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමට විපක්ෂ නායකවරයා මෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වන අමාත්‍ය ගයන්ත කරුණාතිලකද එක්ව සිටි ආකාරය ජායාරූපයේ දැක්වේ.

කෙසේ වුවත් මේ සම්බන්ධව අප ද්‍රවිඩ සන්ධානයේ ප්‍රකාශකයකු වෙතින් විමසු අවස්ථාවේ ඔහු සඳහන් කර සිටියේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ සියලු භේද නොසළකා එකම ප්‍රජාවක් ලෙස චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීම සහ ජාතික සංහිඳියාව සංකේතවත් කරමින් තම පක්ෂ නායකයා මේ සඳහා සහභාගී වූ බවය.

එසේම ඒ සඳහා වන ආරාධනාව සිදුකරනු ලැබුවේද ජනාධිපතිවරයාග් පාර්ශවය වෙතින් බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න