පාර්ලිමේන්තුවේ දී පසුගියදා විවාදයකින් පසුව සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (19) සිය සහතිකය සටහන් කළේය.
පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවති මෙම පනත්කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව විරුද්ධ පාර්ශවයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 83ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 41ලැබිණි.
ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා ද විරුද්ධ පාර්ශවයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 36 ලැබිණි. මේ අනුව මෙම පනත් කෙටුම්පත 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස අද සිට බලාත්මක වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
