එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ කථානායෙ මහින්ද යාපා අබේවර්ධන ඊයේ (14) සිය සහතිකය සටහන් කළේය.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 09 වැනිදා සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදි සම්මත විය. එහිදී පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 41ක් හිමි විය.
මේ අනුව, එකතු කළ අගය මත බදු (සංශෝධන)පනත් කෙටුම්පත 2022 අංක 44 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස 2022 දෙසැම්බර් 14 වැනි දින සිට බලාත්මක වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
