පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු පවුලේ සාමාජිකයන්ට මෙන්ම නිවසටත් පහර දීමට සම්බන්ධවූ බවට හඳුනාගෙන ඇති සිසුන් දස දෙනකුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් පවසයි.
ඒ අනුව මහාචාර්ය අතුල සේනාරත්නගේ නිල නිවසේ සවිකොට තිබූ ආවේක්ෂණ කැමරා දර්ශන සහ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි නිලධාරීන්ගේ තොරතුරු මත එම සිසුන් දස දෙනා හඳුනාගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි එම සිසුන් දස දෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අහෝසි කිරීමට පියවර ගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ සිසුන් තවදුරටත් හඳුනා ගනිමින් සිටින බව පැවසූ මහාචාර්යවරයා ඉදිරියේදී තවත් සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි විය හැකි බව ද සඳහන් කරයි.
එසේ ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් ශාස්ත්‍ර පීඨය සහ විද්‍යාපීඨයේ අධ්‍යාපනය හදාරන සිසුන් බව ද මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
