සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි පණ ලබයි !

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි පණ ලබයි !

ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාවය ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන හමුවේ සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

රුවන් විජයවර්ධන හා ජපන් තානාපතිවරයා අතර මෙම හමුව මෙරට ජපන් තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ගිවිසුම අත්සන් කළ පසු යළිත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු සඳහන් කර ඇත .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් වූ පසු ජපන් රජය මෙරටට ආයෝජන ව්‍යාපෘති ගණනාවක් හරහා උදව් කිරීමට සුදානමින් සිටින බව ද රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සිය ජපන් සංචාරයේදී මේ කාරණය ගැන සාකච්ඡා කළ බවත් එහිදී ද ජපන් රජය මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැමැත්ත පළ කළ බවත් රුවන් විජයවර්ධන මහතා තවදුරටත් කීවේය.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම නිසා රුපියල් කෝටි 597.8ක අලාභයක් වූ බව විගණකාධිපතිවරයා විසින් ඉකුත් දා වාර්තාවක් මගින් හෙළි කර තිබිණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න