මහින්ද නාමල් ජොනී සනත් ප්‍රසන්න ඇතුළු පිරිසකට නොතීසි !

මහින්ද නාමල් ජොනී සනත් ප්‍රසන්න ඇතුළු පිරිසකට නොතීසි !

ගෝල්ෆේස් හී පැවැති "ගෝඨා ගෝ ගම" අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 05ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී ඇත.

පසුගිය මැයි මස 09 වනදා ගාලු මුවදොර පැවැති "ගෝඨා ගෝ ගම" අරගල භූමියට කඩාවැදී පහරදීමේ සිද්ධිය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනයවූ බව පවසමින් අරගලකරුවන් 05 දෙනෙක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ජුනි මස 22 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ඇතුළු පිරිසක් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.

ලහිරු චානක ඇතුළු අරගලකරුවන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

අද (09) විජිත් මළල්ගොඩ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් සලකා බැලුණු අතර දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසුව තීරණය ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන බවය.

සාමකාමී අරගලවලට පහරදීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඒ සඳහා වූ මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නම් කර තිබුණද ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව ඔහුව නඩු කටයුතුවලින් මුදාහැරීමට ද නියම කෙරුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න