ලබන වසර (2023) සඳහාවූ රජයේ අයවැය ලේඛනය ( අයවැය විසර්ජන පනත් කෙටුම්පත ) පාර්ලිමේන්තුවේදී අද (8) වැඩි ඡන්ද 43 කින් සම්මතවිය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 80 ක් පමණි.
සමගි ජන බලවේගය පක්ෂය, ජාතික ජන බලවේගය පක්ෂය,දෙමළ ජාතික සන්ධානය යනාදී දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඒ මන්ත්‍රීවරුන් වන සී.වී විග්නේෂ්වරන් සහ වේලු කුමාර් ය.
පනත් කෙටුම්පතට විරුද්ධ හෙයින් ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මුලසුනෙන් ඉල්ලා සිටි අතර ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.
මෙහිදී අලි සබ්‍රි රහීම්, එම්.රාමේෂ්වරන්,
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ,
දුමින්ද දිසානායක ,
ජීවන් තොණ්ඩමන් ,
ඒ. එම්. අතාවුල්ලා
ජෝන් සෙනෙවිරත්න
ප්‍රියංකර ජයරත්න , නිමල්
ලන්සා , විපක්ෂයේ ඉඳිමින් පක්ෂව ජන්දය භාවිතා කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
