ජනාධිපති : අගමැති අලුත් අවුරුද්දට සුභ පැතුම් එක්කරයි !

ජනාධිපති : අගමැති අලුත් අවුරුද්දට සුභ පැතුම් එක්කරයි !

ජනාධිපතිගේ අලුත් අවුරුදු පණිවිඩය

යුගයෙන් යුගය මානව ශිෂ්ඨාචාරය පරිණාමය වූයේ සංස්කෘතික මිනිසා ද පරිපූර්ණත්වයට පත්කරමිනි. ලොව විවිධ ජාතීන් සමරනු ලබන ඔවුන්ගේ ජාතිකත්වයට අනන්‍ය වූ සංස්කෘතික උළෙල කෙරෙන් පැවසෙන්නේ ඔවුන් තම චිරාගත උරුමයන්ට දක්වන ළබැඳියාව සහ අපිරිමිත වූ කැපවීමය.

සිංහල- දෙමළ අලුත් අවුරුද්ද කෙරෙන් ද සම්ප්‍රේෂණය වනුයේ පෙරදිගවාසීන් වන අප සතු උදරත්වයේ විශිෂ්ඨ පිළිබිඹුවයි. අලුත් අවුරුද්ද යනු, සැබැවින් ම අලුත් දැක්මක්, අලුත් කියැවීමක්, සහිත අලුත් මිනිසකු සමාජයට පිළිගැන්වීමය. නොනගතය නම් සංක්‍රාන්තිමය විරාමය තුළ ස්වයං හැදෑරීමකට අනුගතව අවුරුදු චාරිත්‍ර සමඟ ගනුදෙනු කරන මේ අලුත් මිනිසා අලුත් අවුරුදු උදාවත් සමඟ සමජයට ප්‍රවේශ වන්නේ සාමකාමී සහජීවනය සහ සමාජ සංහිඳියාව කැටුව නෑගම් යන සමීප ඥාතියෙකු ලෙසිනි.

අන්‍යොන්‍ය බැඳීම් සහ සාමජීය සබඳතා එරබඳු කැකුළු සේ විකසිත කරනු ලබන සිරිත් විරිත් සමඟ බැදුණු අලුත් අවුරුද්ද මිනිස් සිතුවිලි පරාසය පරමාදර්ශී සුවඳින් දෝවනය කරමින් අනාගතයට ගලා යන්නේ අපේ ගැඹුරු අවබෝධය සහ අලුත් අවුරුද්දට දක්වන ගෞරවනීය පිළිගැනීම ඔස්සේ ය.

මුළුමහත් ජන සමාජයකට සාධණීය ගුණ යහපත්කම් සහ ආචාර ධර්ම වපුරන මෙම මහාසර සංස්කෘතික මංගල්‍ය ගැඹුරින් හදාර,උත්කර්ෂවත් ලෙස සැමරීම කෙරෙන් සාමය සහ සෞභාග්‍යය නම් අස්වැන්න නෙළා ගැනීමට අපට නිසැකවම හැකිවනු ඇත.

සොබාදහමත් මිනිසාත් අතර වන ආදිකල්පිත අවියෝජනීය බැඳීම ද මිනිසා සතු කෘතවේදීත්වය පිළිබඳ ආශ්වදනීය කැපවීම ද අලුත් අවුරුදු චාරිත්‍ර ඔස්සේ වර නැඟෙනුයේ අපේ ආදිතමයන්ගේ උත්තුංග ගුණ යහපත්කම අප හමුවේ විදහාලමිනි.

එවන් මහරු සාරධර්මයන් යාවත්කාලීන කරමින් සිංහල-දෙමල අලුත් අවුරුද සමරන එතෙර මෙතෙර වැසි සමස්ත ශ්‍රී ලාංකිකයනට සාමය සෞභාග්‍යය සපිරි ඉසුරුමත් අලුත් අවුරුද්දකට මාගේ සුබපැතුම් පිරිනමමි.

 අගමැතිගේ අලුත් අවුරුදු පණිවිඩය

ranil w 1000pxසූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලූත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ධ වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

''සොබාදහම සහ මනුෂ්‍යයා අතර පවතින අන්‍යෝන්‍ය සබැදියාව අර්ථවත් කරමින්, හිරු ප්‍රමුඛ සොබාදහමට කෘතවේදිත්වය පුද කරන, ජාතික සමඟිය සහෝදරත්වය ඔප් නංවන සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලූත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවකි.

වාර්ගික, ආගමික, පක්ෂ පාට භේද පසෙක ලා අප රටේ සැමදෙනා එක්ව සමරනු ලබන ප්‍රමුඛතම ජාතික උත්සවය සිංහල, දමිළ අළුත් අවුරුද්දයි. ජාතිය, ආගම, තරාතිරම කුමක් වුවද සංස්කෘතික විවිධත්වය පිළිගනිමින්, අගයමින්, සියල්ලන් සමඟ සතුටින්, සාමයෙන් දිවි ගෙවීමට මෙම අළුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගනිමු. චිරාත් කාලයක සිට දේශීය ජන ජීවිතය හා ඒකාත්මිකව පැවත එන අළුත් අවුරුදු සිරිත් විරිත් සඳහා අර්ථවත්ව සහභාගි වෙමින් එම සංස්කෘතික උරුමය අපගේ අනාගත පරපුරට තිළිණ කිරීම සඳහාද මෙය අවස්ථාවක් කරගනිමු.

සමෘද්ධිමත් දේශයක් ගොඩනැංවීම උදෙසා, සාමය, සංහිදියාව, සහජීවනය වෙනුවෙන් කැප වී කටයුතු කරන, ප්‍රීතිමත්, සුබ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනය කරමි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න