පූල් එකේ නානවට වඩා ආර්ථික අපරාධ බරපතළයි !

පූල් එකේ නානවට වඩා ආර්ථික අපරාධ බරපතළයි !

රටේ දේශපාලකයන් ආර්ථික අපරාධ කර ඇතැයි ජාත්‍යන්තරය විසින් නිගමනය කිරීම අරගලයේ තරුණ තරුණියන් ජනාධිපතිගේ පූල් එකට පැන නානවාට වඩා බරපතළ සිද්ධියක් බව දේශපාලකයන් අවබෝධ කරගත යුතු බව ජාතික ජනබලවේගයේ මන්ත්‍රීනී හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ පැවති විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට සහභාගී වෙමින්ය

අරගලයේ තරුණ තරුණියන්ගේ හැසිරීම රටේ බ්‍රෑන්ඩ් එකට ප්‍රශ්නයක් වී ඇතැයි අමාත්‍යවරයකුගෙන් ප්‍රකාශ වූ බවත් තරුණ තරුණියන් ගේ හැසිරීම බලන්නට පෙර පාලකයන්ගේ හැසිරීම බලන එක හොඳ බවත් මන්ත්‍රීවරිය එහිදී සඳහන් කළාය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න