ලේකම් මාරුවත් අත ළඟ !

ලේකම් මාරුවත් අත ළඟ !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති විදියට හාපුරා කියලා , පලවෙනි අයවැය ලේඛනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ඊයේ (14) .

මේ කියන්න යන්නේ ඒ ගැන නෙමෙයි , ඔය 2023 අයවැය ලේඛනේ සම්මත කරගන්න, ඊයේ උදේ තිබුන, කැබිනට් රැස්වීමේදී වෙච්චි දෙයක් ගැන..

මොනතරම් හොඳ වැඩක් කරන්න ගියත්, සමහර නිලධාරීන්ගෙන් හරි හමං සපෝට් එක්ක නෑ කියල, සමහර ඇමතිලා ඔය කැබිනට් රැස්වීමේදී, කන්කෙඳිරි ගාන්න ගත්ත ලු. . ඇමතිලා කට්ටියම ඒ කතාව අනුමත කරලා.

ජනාධිපති රනිල්ට එතනදී මල පැන්න ලු.. '' වැඩකරන්න බැරි සේරටම යන්න කියන්න..නැත්තන් යවන්න ඕන '' ජනාධිපති රනිල් ටිකක් සැරෙන් කිව්වලු.

'' ඔය වැඩකරන්නේ නෑ කියන ලේකම්ලාගේ නම් ටික, සමන්ට දෙන්න.. මම කොහොමත් ජනවාරියේ අමාත්‍යංශ ලේකම්ලා මාරු කරන්නයි හිතාගෙන ඉන්නේ.. දක්ෂ නිලධාරීන් ඉන්නවා නං සමන්ට කියන්න.'' ජනාධිපතිතුමා කිව්වයි කියන්නේ එහෙම.

ඒ කියන්නේ රනිල්, ලබන අවුරුද්ද පටන් ගන්න යන්නේ ගේමක් දීගෙනද ? ඒක හරියටම කියන්න වෙන්නේ, අයවැයෙන් පස්සේ, රනිල් රට ගිහින් ආවට පස්සේ තමයි..

දේශපාලන වාර්තාකරු

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න