තිළිණිගේ බිස්නස් : පැමිණිලි නොකළත් පොලිසි යන්න සූදානම් වෙන්න !

තිළිණිගේ බිස්නස් : පැමිණිලි නොකළත් පොලිසි යන්න සූදානම් වෙන්න !

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලිගේ ව්‍යාපාරයන්හි මුදල් ආයෝජනය කල පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට විමර්ශකයන් තීරණය කර ඇති බව වාර්තා වෙයි .

ඔවුන් මෙතෙක් පොලිසියට පැමිණිලි නොකලද සිදුකරන පරීක්ෂණයට අදාළව පත් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට මෙසේ තීරණය කර ඇත්තේ ප්‍රියමාලි ඇතුළු සැකකරුවන් විසින් ලබාදුන් සාක්ෂි සහ ඇගේ කාර්යාලය අදාළව සිදු කළ පරීක්ෂණ වලින් ලබා ගත් තොරතුරු මතය.

මෙම පුද්ගලයන් පොලිසියට පැමිණිලි කර ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියද මෙතෙක් එය සිදු නොවීමෙන් පවතින තත්ත්වය අධිකරණයට වාර්තා කර මෙම පියවර ගැනීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි .

ඥානසාර හිමිගෙනුත් ප්‍රකාශයක් අරගෙන !

මේ අතර තිළිණි ප්‍රියමාලි ගේ මෙම මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව බොදු බල සේනා සංවිධානය සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බවත් වාර්තා වෙයි .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඥාණසාර හිමියන්ගෙන් සිද්ධියට අදාළව පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් දැනගන්නට ඇත.

ඒ මෙම සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී හඬ පට කිහිපයක ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සංවාද සිදුව ඇති බැවින් මෙසේ උන්වහන්සේ කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න