Moneypox : බය නොවී පරිස්සම් වෙන්න !

Moneypox : බය නොවී පරිස්සම් වෙන්න !

මන්කි පොක්ස් (Monkeypox ) ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බැවින් ඒ පිළිබද අනියත බියක් ඇතිකරගත යුතු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එනිසා මෙරටින් එවැනි ආසාදිතයෙකු වාර්තා වීම පිළිබදව බියක් ඇතිකර ගත යුතු නැතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මේ පිළිබදව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ය.

ශ්‍රී ලංකාව තුළ රෝග ආවේක්ෂණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වනු ලබන බවත්, ඒනිසාම අදාල ආසාදිතයා කඩිනමින් හදුනා ගැනීමට හැකි වූ බවත් එහිදී වෛද්‍ය අසේල ගුණවර්ධන කීය.

විශේෂයෙන්ම Monkeypox රෝගය පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට බෝවිය හැක්කේ ඉතාම සමීප ඇසුරකින් පමණක් බවත්, එය විවිධ ක්‍රම ඔස්සේ සිදුවිය හැක්කක් යැයි ද ඔහු පැවසීය.

මෙම රෝගී තත්ත්වය පැපොල වැනි රෝගී තත්ත්වයක් බවත්, එවැනි වෛරස් තත්ත්වයන් සාමාන්‍යයෙන් විටින් විට ඇතිවන්නක් බවත්, එහෙත් මෙම රෝගය පිළිබදව වඩාත් විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ඒ පිළිබදව අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔස්සේ කටයුතු කරන ලෙසත්, සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ට ‌මේ වන විට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇතැයි පෙන්වා දෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, එනිසා සැක සහිත රෝගීන් පිළිබදව සෞඛ්‍ය අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බවද පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න