ප්‍රතිසංවිධාන කමිටුව සජිත් නැතිව තීන්දුවක් ගනී : ප්‍රධාන තනතුරු පත්කිරීම 19 වනදා

ප්‍රතිසංවිධාන කමිටුව සජිත් නැතිව තීන්දුවක් ගනී : ප්‍රධාන තනතුරු පත්කිරීම 19 වනදා

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ කමිටුව ඊයේ (11) පස්වරුවේ අරලියගහ මන්දිරයේ රැස්වූ අතර එහිදී පක්ෂයේ ප්‍රධාන තනතුරු පත්කිරීම එළඹෙන 19 වනදා සිදුකිරීමට තීරණය වූ බව වාර්තා වෙයි.

එසේම එම තනතුරු සඳහා නම් කළ පාර්ශව පිළිබඳ පක්ෂයේ මැයි දින රැළියේදී දැනුම්දීමටද එහිදී තීරණය වී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ කමිටුව ඊයේ රැස්වුයේ පළමු වතාවට වන නමුත් ඊට පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහභාගීව සිට නැත.

තවද අමාත්‍ය අජිත් පී.පෙරේරා සහ ඉරාන් වික්‍රමරත්න යන අමාත්‍යවරුන්ද විදෙස්ගතවීම හේතුවෙන් සහභාගීවීමට නොහැකිවන බව දන්වා තිබු බවද වාර්තා වෙයි.

පසුගියදා පැවති රහස් ඡන්දයකින් සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විතව පත්කළ මෙම එජාප ප්‍රතිසංවිධාන උපදේශක කමිටුවට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක නිල බලයෙන් පත්ව සිටියි.

එහි අනෙක් සාමාජිකයන් වන්නේ මංගල සමරවීර, අකිල විරාජ් කාරියවසම්,ගයන්ත කරුණාතිලක, නවීන් දිසානායක,රංජිත් මද්දුමබණ්ඩාර, හරීන් ප්‍රනාන්දු , රුවන් විජේවර්ධන, ඉරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, ජේ.සී. අලවතුවල, නලීන් බණ්ඩාර සහ අශෝක ප්‍රියන්ත යන මැති ඇමතිවරුන්ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න