Language Switcher

V2025

ගුරු ඇඳුම වෙනස් නොවේ - අමාත්‍ය සුසිල්

ගුරුවරියන්ගේ දැනට පවතින ඇඳුම කිසිසේත් වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පවසයි.

ගුරුවරුන්ගේ,ගුරුවරියන්ගේ මෙන්ම සිසු දරු දැරියන්ගේ ඇඳුම් කවුරු ඉල්ලීම් කළ ද කිසේත් වෙනස් නොකරන බව ඇමැතිවරයා කීය.

අපේ රටේ සංස්කෘතික අනන්‍යනාවයක් තිබෙන අතර එය ආරක්ෂා කිරීමට ඇපි බැඳී සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.