ඩලස් විමල් හවුල අවුල් වෙලා !

ඩලස් විමල් හවුල අවුල් වෙලා !

විපක්ෂයේ නායකයෝ එකතුවෙලා, මාධ්‍ය සාකච්ජා තියල, සන්ධාන ගැහුවට මොකද , ඒ සන්ධාන පවත්වාගෙන යන එක, හිතන තරන් ලේසි පාඩු වැඩක් නෙමෙයි කියන එක, දැන් සහසුද්දෙන්ම පේන්න පටන් අරන්..

ඔන්න බැසිල්ට විරුද්ධව ආණ්ඩුවෙන් එලියට ඇවිත්, සන්ධාන ගහපු විමල්ලයි - ඩලස්ලයි අතරත්, පොඩි පොඩි ගට්ටන ඇතිවෙන්න පටන් අරන්..

'' විමල්ගේ උත්තර ලංකා පක්ෂය , පාර්ලිමේන්තුවේ ස්වාධින වෙලා ඉන්න කන්ඩායම් අතර, එලොවටත් නැති මෙලොවටත් නැති කන්ඩායමක් '' කියල, ලඟදි ස්වාධීන වෙච්ච කුරුණෑගල පැත්තේ මන්ත්‍රී කෙනෙක් කියලා තියනවා.

ඒ මන්ත්‍රීතුමා ඔය කතාව කියල තියෙන්නේ ,විපක්ෂයේ සංධානයක් හදන්න , විපක්ෂයේ තවත් කන්ඩායමක් එක්ක තිබුන සාකච්චාවකදි.

ඒ, මංත්‍රී තුමා කියල තියන විදියට, උත්තර ලංකා කියන්නේ , චීනයේ අතකොලුවක්. අර චීන නැව ආපු වෙලාවේ, විමල්ලා එතෙන්ට ගිය එක මතක් කරලා, මංත්‍රීතුමා අහල තියෙනවා " මේ වගේ මිනිස්සු එක්ක කොහොමද අපි ආන්ඩුවක් කරන්නේ. ඕනේ මොඩයෙකුට තේරෙනවා අපි වගේ පුචි රටකට ඉන්දීයාව ඇමෙරිකාව ජපානය තරහ කරගෙන, ඉස්සරහට යන්න බෑ කියල. කැමති උනත් නැතත්, අපිට අනුගමනය කරන්න වෙන්නේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක්..''

'' ඉතින් මේ ඇමෙරිකාව එක්ක තරහ වෙලා , ඉන්දියාවට ගොරවන , චීනෙට වඳින වාහෙලා එක්ක, මට නම් බෑ සන්ධාන ගතවෙන්න . ඕනේ කෙනෙක් ඒක කර ගෙන ඇන ගත්තාවේ" කියලා, ඒ මන්ත්‍රීතුමා ටිකක් සැරට වගේ කිව්වලු..

ඔය වෙලාවේ එතන හිටපු, කොළඹ පැත්තේ මංත්‍රී කෙනෙකුත් ඒ කතාවට සපෝට් කරලා ...

''උත්තර ලංකා එක කියන්නේ අච්චාරුවක්නේ, එතන ඉන්න රතන හමුදුරුවන්ට අතන - මෙතන කියලා, මිනිස්සු කියන්නේ, ප්‍රතිපත්තියක් නැති නිසානේ. ගෙවිඳු රන්ඩු වෙන්නේ නැති කෙනෙක් නෑ. ඕනේ සාකච්චාවක් මැද, ගෝරියක් දාගෙන වැඩේ අවුල් කරනවා. වාසු හොඳ මිනිහා. හැබැයි එයාගේ හන මිටි ආර්ථික ප්‍රතිපත්ති එක්ක, අද තියෙන ප්‍රශ්ණ විසඳන්න පුලුවන්ද? තිස්ස විතාරණ කතා කරන්න පටන් ගත්තම, මීටිමක පැයක් කතා කරනවා. මිනිහට 22 සංශෝධනයට චන්දේ දෙන්න එන්නත්, අමතක වෙලා පස්සේ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කෙරුවා.. .විමල් ඉන්නේ ලොකුම අවුලක. මේ ගෘප් එක එක්ක නම්, කතා කරනවා නම් ඒක කරන්න ඕනේ අන්තිමට "

කොළඹ මන්ත්‍රීතුමා , විමල්ල ගැන එතුමාගේ දේශපාලන විග්‍රහය ඉදිරිපත් කරලා තියෙන්නේ එහෙම ..

ඒ කොහොම වෙතත්, මේ වෙලාවේ සුළු පක්ෂ හා ස්වාධීන කන්ඩායම් ඔක්කොම, තරමක අවුලකලු ඉන්නේ. මොකද පලාත් පාලන චන්දේ ඉස්සෙල්ලා ආවොත්, ජාතික මට්ටමේ තරඟ කරන්න අවශ්‍ය යාන්ත්‍රණය තාමත් කාටවත් නැ ලු..

ඒ නිසා හුඟ දෙනෙක් කැමතිලු, පලාත් පාලන චන්දෙට කලින් මහ මැතිවරණයක් එනවට.

ඔය අස්සේ නිදහස සභාවේ ජී එල් ලොක්කා , පලාත් පාලන චන්දෙ ඉල්ලලා මැරෙන්න හදන එක ගැන, කන්ඩායම ඇතුලෙම පොඩි පහේ සැකයක් ඇවිත්..

කන්ඩායමේ කිහිපදෙනෙක්ම , ඩලස් එක්ක මේ ගැන කතා කරලා .

''ලොක්කට ඔල්මොරොන්දන්ද මේ වෙලාවේ පලාත් පාලන චන්දේ ඉල්ලන්නේ. අපි තාම රේඩිත් නෑනෙ. අපරාදේ තව මාස 6 කින් විතර අපට ගන්න තියෙන වාසිය, මේ වෙලාවේ චන්දයක් තිබ්බොත් යන්නේ, සජබටයි ජේ වී පී එකටයි''

ඒ සාකච්ජාවේ හිටපු තවත් නිදහස් මන්ත්‍රී තුමෙක් කියලා.

හැබැයි අවසානයේ කවුත් තීරණය කලාලු , මේ වෙලාවේ හරි දේ පලාත් පාලන චන්දේයක් ගන්න එක කියලා.

මොකද පලාත් පාලන චන්දේ කල් දාගන්න රනිල්ට ඉඩ දුන්නොත්, රනිල් පාර්ලිමේන්තු මැතිවරනෙත් නොතියා, 2023 අග ජනාධිපතිවරණයකට යන්න ඉඩ තියෙනවා කියල, මේ සාකච්ඡාවේදී කතාබහ වෙලත් තියනවා..

දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න