ඉන්ධන මිලට වෙනදේ : ඇමති කාංචන ට්වීට් කරයි !

ඉන්ධන මිලට වෙනදේ : ඇමති කාංචන ට්වීට් කරයි !

නොවැම්බර් ආරම්භක සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි .

මේ බව සඳහන් කරමින් අමාත්‍යවරයා සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබා ඇත.

එහිදී අමාත්‍යවරයා පවසන්නේ ,මිල අඩුවීමක් අපේක්ෂාවෙන් අලෙවි නියෝජිතයන් ඇණවුම් ලබා නොදීම ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නොමැතිව යාමට හේතු වී ඇති බව ය.

ජාතික ඉන්ධන අවසර පත්‍රය මගින් සහතික කර ඇති අවශ්‍යතා සපුරාලීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා IOC සමාගමට ප්‍රමාණවත් තොග ඇති බවත් අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

ඒ අනුව ඉන්ධන ඇණවුම් කරන ලෙස තමන් අලෙවි නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා එහි වැඩිදුරට ත් සඳහන් කර ඇත.

kanchana f

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න