Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

පැනපු සෙබළුන්ට : නීත්‍යානුකූලව ඉවත් වෙන්න පොදු සමා කාලයක් !

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සමාජිකයන්ට හමුදා සේවයෙන් නීත්‍යානුකූල ලෙස ඉවත් වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මාස 1 1/2 ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

නොවැම්බර් මස 15 දින සිට දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ මෙම පොදු සමාකාලය ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම පොදු සමා කාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකල අයවළුන් සඳහා පමණක් වලංගු වන අතර ඔවුන් වෙතින් අයවිය යුතු යම් මුදලක් වේ නම් නීත්‍යානුකුලව ඉවත් වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කල යුතු බවද ආරක්ෂක අමාත්‍යංශය පවසයි.