ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් හොයලා හමාරයි : හේතුව ගම්මන්පිල කියයි !

ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් හොයලා හමාරයි : හේතුව ගම්මන්පිල කියයි !

පාර්ලිමේන්තුව තුළ සිටින ද්විත්ව පුරවැසියන් කවුරුන්දැයි හඳුනාගැනීමට ක්‍රමවේදයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ තම පක්‍ෂ මූලස්ථානයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් 10 ට වඩා සිටිහ හැකි නමුත් ඔවුන් සොයාගැනීමට නොහැකි වී ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය .

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු සිවුදෙනෙකු හැර අන් සියලුම දෙනා පාර්ලිමේන්තුවට පැමිණියේ 20 වන සංශෝධන සම්මත වීමට පෙර බැවින් දැන් පාර්ලිමේන්තුවේ සිටින බව කියන ද්විත්ව පුරවැසියන් ද්විත්ව පුරවැසිකම සඟවා වංචනිකව පාර්ලිමේන්තුවට ආ අය බවත්, ඔවුන් එය හෙළි කරනු ඇතැයි කවුරුන් හෝ සිතනවා නම් ඔවුන්ට වැරදී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙරට පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කවුදැයි කිවහැකි ලැයිස්තුවක් කිසිවෙක් සතුව නොමැති අතර, තමන් වෙනත් රටක පුරවැසියෙකු බව අදාළ අය විසින්ම ස්වෙච්ඡාවෙන්ම ප්‍රකාශ නොකළොත් ඔවුන් ද්විත්ව පුරවැසියන් දැයි දැනගැනීමේ ක්‍රමවේදයක් නොපවතින බවයි .

එසේම 2015 වසරේ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීවරුවීම තහනම් කළ අවස්ථාවේ නෝර්වේ සහ කැනඩාවේ ද්විත්ව පුරවැසියන් වන දෙමළ මන්ත්‍රීවරු 10 ක් සහ ස්විට්සර්ලන්ත පුරවැසියකු වන ශ්‍රී.ල.නි.ප ඇමතිවරයෙකු සිටින බව ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයකු තමන්ට පැවසූ බවද ඔහු පැවසීය .

එ‍හෙත් ඔවුන් සම්බන්ධයෙන් වෙබ් අඩවි ඔස්සේ සහ එම රටවලින් තොරතුරු සොයාගැනීමට උත්සාහ කළත් කිසිම රටක් තමන්ගේ පුරවැසියන් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරන්නේ හෝ තුන්වන පාර්ශවයකට ලබා දෙන්නේ නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය .

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න