ප්‍රසන්න මාරු වෙන්නේ තනියම නෙවෙයි !

ප්‍රසන්න මාරු වෙන්නේ තනියම නෙවෙයි !

ගම්පහ පොහොට්ටු නායක ප්‍රසන්න , ජනාධිපති රනිල් වික්‍රමසිංහත් එක්ක, UNP එකට යනවා කියලා කට කතාවක් යන්න පටන් ඇරන් තියෙනවා.

ප්‍රසන්න කියන්නේ හොඳ දේශපාලන ඉවක් තියෙන පුද්ගලයෙක්.

මැතිවරණ කොමිසම පැත්තෙන් එන ආරංචි වල විදියට, මීට මාස කිහිපයකට උඩදී , ජනාධිපති ගොඨා අන්තිමටම පිරිහිලා ඉන්න කොට, ප්‍රසන්න මැතිවරණ කොමිසමට ඇවිත් හොයල බලලා තියෙනවා ....අළුතින් දේශපාලන පක්ෂයක් පිහිටුවන්නේ කොහොමද කියලා.

අළුතින් පක්ෂයක් පිහිටුවන එක අමාරු වැඩක් කියලා දැනගත්තට පස්සේ, ප්‍රසන්නගේ කට්ටිය දැනට ලියාපදිංචිය තියෙන නමුත් අක්‍රීයව තිබෙන දේශපාලන පක්ෂයක් , මිලඳී ගන්නත් හොයලා තියෙනවා. හැබැයි මේ පක්ෂ තියාගෙන ඉන්න විශ්‍රාමික වයසේ සෙට් එක, අස්ප ගානක් ඉල්ලලා ලු.. අඩුම වශයෙන් මිලියන 100 ක් වත් ඉල්ලනවලු පක්ෂේ දෙන්න.

ඉතින් ප්‍රසන්න පක්ෂයක් ගත්තද නැද්ද කියලා නම් දන්නේ නැති උනාට , මේ වන විට පොහොට්ටුවේ අවසාන කාලේ ඇවිල්ලා කියල, හොඳටම තේරුම් ඇරන් ඉන්න නිසා, රනිල්ටවත් හේත්තුවෙන්න ප්‍රසන්න කල්පනා කරනවා නම්, ඒක පුදුම වෙන්න දේකුත් නෙමෙයි.

කොහොමටත් ප්‍රසන්නගේ ගෝලයෝ දෙන්නා , නිමල් ලංසයි, නලීන් ප්‍රනාන්දු යි නන් ඉදිරි දේශපාලනය රනිල් එක්ක යන්න තීන්දු කරලා ඉවර ලු.

ආරංචි විදියට ප්‍රසන්න කෝකිලා , මිලාන් , සහන් කියන ගම්පහ පොහොට්ටු නායකයෝ 4 දෙනාත් පොහොට්ටුව අතඇරල වෙන ගමනක් යන්න හොඳටම ඉඩ තියෙනවා කියලයි දැන් කතාව යන්නේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න