Language Switcher

V2025

කංසා ගැන මතය : කැබිනට් ප්‍රකාශක කියයි !

උග්‍ර විදේශ විනමය අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාව ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඖෂධ සඳහා අවශ්‍ය කරන කංසා අපනයන කිරීම වැදගත් යැයි තමන් සිතන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

කංසා අපනයන කිරීම සම්බන්ධයෙන් අද ( 4) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අධිකරණය විසින් රාජ්‍ය සන්තක කරන ලද කංසා, ඖෂධ සංස්ථාවට ලබා දෙන බවත් ඇතැම් දේශීය ඖෂධ කංසා සහිතව නිෂ්පාදනය කරන බව ත් ය.

“විෂය භාර අමාත්‍යතුමත් ඒ පිළිබඳව නීතිපතිතුමාට කරුණු දක්වලා තියෙනවා අපනයනය සඳහා පමණක් මත්ද්‍රව්‍යක් ලෙස කිසිසේත් ම නොවන ආකාරයට ආරක්ෂිත වැඩපිළිවෙළක් යටතේ නිපදවනවා නම් හොඳයි.”

ඔහු වැඩිදුරට ත් පැවසුවේ, තමන් මේ පිළිබඳව මීට පෙර කතා කළ බව ත් ඊට පාර්ලිමේන්තුවේදී සහ පිටතදී විවේචන එල්ලවූ බව ත් ය.

“මේ මත් වෙන්න පාවිච්චි කරන්න කංසා වර්ගය නෙවෙයි, ඖෂධ සඳහා අවශ්‍ය කරන අපනයන සඳහා වෙළෙඳපොළක් තියෙන එයින් ඉතා ම කුඩා ප්‍රමාණයක්වත් දේශීය වෙළෙඳපළට නිකුත් කරන්නැති සම්පූර්ණ ටික අපනයන කිරීම සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ කර්මාන්තය පටන් ගැනීම උග්‍ර විදේශ විනමය අර්බුදයක් තියෙන අපේ රටට වැදගත් වෙනවා කියලා හිතනවා.

ඒ වගේ ම විශාල දේශීය ඖෂධ නිෂ්පාදන ව්‍යාපාර ඒ කියන්නේ අපේ රටට දැනටමත් විදේශ විනිමය ප්‍රමාණයක් ගේන ආයුර්වේද ඖෂධ නිෂ්පාදන කරන අය ඖෂධවල කොටසක් ලෙස පාවිච්චි කරන්න දිගට ම අවසර ඉල්ලා ඇති අතර දිගට ම ඒ අයට රජය විසින් යම් කිසි ප්‍රමාණයක් සපයලත් තියෙනවා. උසාවි විසින් රාජ සන්තක කරන ලද වැරැද්දක් ලෙස නීතිගත වෙලා තියෙන නිසා ඒවා ඖෂධ සංස්ථාවට මගේ දැනුම හැටියට ලබා දෙනවා.මේ දේශීය ඖෂධ කංසා සහිතව නිෂ්පාදනය කෙරෙනවා. ඉතින් මේ ගැන සංවාදයක් ඇති වීම යහපත්.”

mawbima