මහ බැංකු අධිපතිගෙන් වෘත්තිකයන්ට සැර කතාවක් !

මහ බැංකු අධිපතිගෙන් වෘත්තිකයන්ට සැර කතාවක් !

මෙරට වෘත්තිකයන් නිසි ආකාරයෙන් බදු ගෙවා තිබුණේ නම් ලංකාවේ ආර්ථිකයට මෙවන් අර්බුදකාරී තත්ත්වයක් උදා නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

මහ බැංකු අධිපතිවරයා එලෙස පවසා සිටියේ, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 135 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ වැඩසටහනකට එක්වෙමිනි.

ලංකාවේ වෛද්‍යවරයෙකු බිහි කිරීම සඳහා ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව විශාල බදු මුදලක් ගෙවන බව ද පැවැසූ මහ බැංකු අධිපතිවරයා එසේ වුවද වෛද්‍යවරයෙකු සිය වෘත්තියේදී ගෙවා ඇත්තේ අඩු බද්දක් බව ද ප්‍රකාශ කළේ ය.

මෙරට වෘත්තිකයෙකුට කොතරම් බදු ගෙවීමට තිබුණ ත් ඔවුන් ගෙවන්නේ කොපමණ දැයි සියල්ලන් ම දන්නා බව ද හෙතෙම පැවසීය.

එසේ වුව ද ඔවුන් ඔස්ට්‍රේලියාව, අමෙරිකාව වැනි වෙනත් රටකට ගියහොත් උපයන සෑම ඩොලරයකට ම බදු ගෙවන බව ද පවසා සිටියේ ය.

එවිට ඔවුන් බදු ගෙවන්නේ වෙන ම රටකට බව ද අවම වශයෙන් ඒ බදු මුදල ලංකාවට ගෙවිය යුතු බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ ය.

ලංකාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුව බදු ආදායම අඩු වීම බව ද මහ බැංකු අධිපතිවරයා පැවැසූ අතර එම හේතුව මත ආණ්ඩුවට මූලික අවශ්‍යතාවලට වියදම් කිරීමට හැකියාවක් නොමැති බව ද පවසා සිටියේ ය.

එම හේතූන් මත බදු ආදායම වැඩි කළ යුතු බව ද එහි විවාදයක් නොමැති බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

එසේ වුවද ආදායම් මත ගෙවන බදුවල සමානාත්මතාවක් තිබිය යුතු වීම මූලික අංගයක් වන බවද ප්‍රකාශ කළේ ය.

වෘත්තිකයන් ඇතුළු සියලු දෙනා ම ආදායම් බදු ගෙව්වේ නම් අද මෙරටට මෙතරම් ප්‍රශ්නයක් පැන නොනගින බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

-මව්බිම

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න