Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ජනපති, පිලිපීන ජනපති අතර ද්විපාර්ශවික සාකච්ඡා

පිලිපීනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පිලිපීනයේ මැනිලා නුවරදී එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඊයේ පස්වරුවේ සිය පිලිපීන නිල සංචාරය ආරම්භ කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් හමුවී ද්විපාර්ෂවික සාකච්ජා පැවැත්වී ය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩල රැස්වීමට එක්වීමට ද නියමිතයි.