සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් !

සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම්	 !

සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය‍.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං (Lee Hsien Loong) සමඟ අද (27) විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බවට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට ප්‍රසාදය පළ කළ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ සිංගප්පූරුව යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සමරුවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූංට ආරාධනා කළේය.
IMG 20220927 WA0006

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න