කෝප් කෝපා කමිටු සභාපතිවරුන් කෝ ? කතානායක පිළිතුරු දෙයි !

කෝප් කෝපා කමිටු සභාපතිවරුන් කෝ ? කතානායක පිළිතුරු දෙයි !

කෝප්, කෝපා  කමිටුවලට සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන්  කාගෙන්වත් ඇසීමට තමාට අවශ්‍යතාවක් නැති බවත් එම පත්කිරීම් සිදුකරන්නේ සියලු දෙනා සමඟ සාකච්ඡාවෙන් බවත් මහින්ද යාපා අබේවර්ධන පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේදී  කතානායකවරයා මේ බව පැවසුවේ  සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මතුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්ය.
මරික්කාර් මන්ත්‍රීවරයා විමසා සිටියේ  පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කර මාසයකට වැඩි කාලයක් ගත වී ඇතත් කෝප් ,කෝපා  කමිටු තවමත් පත්කර නොතිබීම සම්බන්ධයෙන්ය.

එහිදී කතානායකවරයා පවසා සිටියේ  තමා කටයුතු කරන්නේ ස්ථාවර නියෝග අනුව බවත් ඉන් පිට කටයුතු කිරීමට අදහසක් නැති බවත්ය. 

එසේම තමාගේ වචනය නීතිය නොවන බව පැවසූ කතානායකවරයා  පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට නීතිය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංග්‍රහය බවත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න