ලංකාවට දෙන ඉන්දීය මූල්‍ය ආධාර අත්හිටවූ පුවත බොරුවක් !

ලංකාවට දෙන ඉන්දීය මූල්‍ය ආධාර අත්හිටවූ පුවත බොරුවක් !

තවදුරටත් ඉන්දියාව ශ්‍රී ලංකාවට මුදල් ආධාර දීම අත්හිටුවා ඇති බවට පලවන මාධ්‍ය වාර්තා ඉන්දීය රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ද්විපාර්ශවික ආධාර ලබා දෙනවාට අමතරව වෙනත් රටවල ආධාර ලබා ගැනීමටද ඉන්දියාව මැදිහත් වී ඇති බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

කොළඹ ඉන්දීය දූත මණ්ඩල ප්‍රකාශක එල්දෝස් මැතිව් පුන්නුස් අද (20) නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ , "ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ පා සිටින දුෂ්කරතා සඳහා ඉන්දියාව පෙර නොවූ විරූ අයුරින් මේ වසරේ එක්සත් ජනපද ඩොලර් බිලියන 4කට ආසන්න ද්විපාර්ශවික ආධාර ලබා දී ඇති බව අවධාරණය කරනු කැමැත්තෙමු," යනුවෙනි.

.ඩොලර් බිලියන 29.9 ක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමග ගිවිසගත් පරිදි ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව සම්බන්ධයෙන්ද ඉන්දියාව අවධානය යොමුකර තිබේ.

"ශ්‍රී ලංකාවේ ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් කඩිනමින් ආධාර කරනු පිණිස වෙනත් ද්විපාර්ශවික හා බහු පාර්ශවික හවුල්කරුවන්ටත් ඉන්දියාව කරුණු දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකරගනීමද අපේ අවධානයට යොමුවී තිබේ.

එය තව දුරටත් අනුමත වීම සඳහා ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ චිරස්ථායී භාවයද බලපායි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩිනමින් නගා සිටුවීම සහ වර්ධනය සඳහා ආර්ථික මර්මස්ථාන වල දීර්ඝ කාලීන ආයෝජන මගින් ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින්ම සහාය වීම අපි දිගටම කරගෙන යන්නෙමු."

දැනට ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ද්විපාර්ශවීය සංවර්ධන ව්‍යාපෘති එක්සත් ජනපද ඩොලර් බිලියන 3.5 ක අගයක් ගන්නා බව පවසන කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ආර්ථික ආධාරවලට අමතරව උසස් අධ්‍යාපනය සඳහාත් වෘත්තීය හැකියා වර්ධනය කරගැනීම සඳහාත් ලාංකිකයන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන බවද අවධාරණය කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න