Language Switcher

V2025

අදානි ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට

ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන ඉන්දියාවේ ගෞතම් අදානි සිය වත්කම් තවදුරටත් ඉහළ නංවාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ තවත් පියවරක් ඉදිරියට තබමින් දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ ඇමරිකානු ඩොලර් බිලියන 273.5 ක වත්කමක් සහිත, ටෙස්ලා සමාගමේ හිමිකරු ඊලොන් මස්ක් පමණි.

මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ, ඇමසන් හිමිකරු ජෙෆ් බොසෙස් තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 151.9 ක් වේ.

අදානි සමූහයේ හිමිකරු වන ගෞතම් අදානි සතු සමස්ත වත්කම් ප්‍රමාණය 155.7 ක් ලෙසයි සටහන් වෙයි.